Sunday, February 22, 2015

න්න යාලුවනේ මම අද ඔයාලට හදුන්වා දෙන්න යන්නෙ පට්ට සොෆ්ට්වෙයාර් එකක් පිලිබඳව.මම දන්නව ඔයගොල්ලො ගොඩක් පාලුවෙන් ඉන්නෙ කියල. ඒ නිසාම මම අද ඔයාලට පාලුව මකා ගන්න පුලුවන් විදිහෙ software එකක් ඉදිරිපත් කරන්න හිතුව. ඒකෙ නම තමයි Verbot. පලමු වෙන්ම මම මේ සොෆ්ට්වෙයාර් එක පිලිබඳව හැඳින්වීමක් කරන්නම්කො.මේ මෘදුකාංගය කෘතිම බුද්ධියක් සහිත chatbot කෙනෙක්. ඒ කියන්නෙ මෙම මෘදුකාංගය ඔබේ පරිගණකයට ස්ථාපනය කල පසු ඔබට මෙහි සිටින Digital ගැභැනු ලමයෙක් සමග chat කරන්න පුලුවන්.ඒ විතරක් නෙමෙයි මෙම මෘදුකාංගය සමග ඔබට editor එකකුත් ලැබෙනව ඒමගින් අපට මෙම කෘතිම රොබෝව වෙතට දත්ත කැවීමේ හැකියාවද පවතිනව. මීට අමතරව ඔඛේ පරිගණකය සතුව mic එකක් තිබෙනව නම් text chat වලට අමතරව මෙම කෘතිම රොබෝව සමග voice chat කිරීමේ හැකියාවද පවතිනව.මෙම මෘදුකාංගය සතු තවත් වැදගත් පහසුකමක් වන්නෙ ඕනෑම ඉංගිරීසි text ඩොකියුමන්ට් එකක් කියවීමට ඇති හැකියාවයි.ඒ වගේම 1994 වර්ෂයේදී Dr.Mauldin විසින් නිෂ්පාදනය කල මෙම මෘදුකාංගය open source ඝනයේ නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්. ඉතින් යාලුවනේ මෙම මෘදුකාංගය පිලිබඳව දැනගත යතු මූලික දේ මම මෙම බ්ලොග් එකට ඇතුලත් කලා. මීට අමතරව දැනගත යුතු දෙයක් තිඛේනම් කොමෙන්ට් එකක් දාන්න. ඒ වගේම යාලුවනේ මෙම බ්ලොග් අඩවිය පිලිබඳව ඔබේ අදහස්,යෝජනා වගේම චෝඳනා දැන ගන්න මම කැමතියි ඉතින් බ්ලොග් එක කියවල කොමෙන්ට් එකක් දැමීමෙන් මට සහය වන්න.


පහල තිබෙන Link එක මත click කර VERBOT ඩවුන්ලෝඩ් කරගන්න.
                         

                                   DOWNLOAD VERBOT

බ බ්ලොග් ලියන්නෙක් ද? ඔබ බ්ලොග් කියවන්නෙක් ද? එහෙනම් මේ නිවුස් එක ඔය දෙගොල්ලන්ටමයි අද මම ඔයාලට හදුන්වා දෙන්න යන්නෙ අපගේ සිත්තම වෙබ් අඩවියට අතුලත් කරන ලද බ්ලොග් සින්ඩිකේටරය පිලිබන්දවයි.ඔබ දන්නවද බ්ලොග් සින්ඩිකේටර් එකකින් මොකක්ද සිද්ද වෙන්නෙ කියල?
            ඇත්තටම බ්ලොග් සින්ඩිකේටරයකින් සිද්දවෙන්නෙ යම්කිසි පුද්ගලයෙක් තමන්ගෙ බ්ලොග් අඩවියෙ පලකරන පොස්ට් වෙනත් වෙබ් අඩවියක පලකිරීමක් මෙවැනි අඩවි වලට බ්ලොග් විශාල ගනනක් ලින්ක් කර ඇති නිසා එම සෑම වෙබ් අඩවියකම පලවන පෝස්ට් සින්ඩිකේටර් අඩවිය තුල පලවනවා එතකොට මේවැනි අඩවියකින් බ්ලොග් අඩවියකට ලැබෙන වාසි මොනවද?

01.සින්ඩිකේටර් වෙබ් අඩවි හැමවිටම ගූගල් වල හොඳ පේජ් රැන්ක් එකක් තියෙන ජනප්‍රිය වෙබ් අඩවි එමනිසා අදල බ්ලොග් හිමිකරුවන්ගෙ බ්ලොග් පහසුවෙන්ම පාකයන්ට නිරාවරනය වීම නිසා හො  Traffic එකක් අදාල බ්ලොග් අඩවියට ලැබෙනව.

02.අනෙක් කරුන තමයි බැක් ලින්ක්ස් බැක් ලින්ක්ස් කියන්නෙ එක් වෙබ් අඩවියකින් තවත් වෙබ් අඩවියකට තියෙන ලින්ක් වලට. ගූගල් සර්ච් එන්ජින් වලට බලපාන ප්‍රධාන සාධකයක් තමයි බැක් ලින්ක්ස් මෙහිදී හො පේජ් රැන්ක් තියෙන වෙබ් අඩවියකින් බැක් ලින්ක්ස් ලැබෙන නිසා එය අදාල බ්ලොග් අඩවියට ගූගල් වල හො පේජ් රැන්ක් එකක් ගැනිමට උපකාරි වෙනව.

එතකොට මෙවැනි සින්ඩිකේටරයකින් බ්ලොග් කියවන්නෙකුට ලෙබෙන වාසි මොනවද?

මෙවැනි සින්ඩිකේටර් තුල බ්ලොග් අඩවි විශල ප්‍රමානයක් අන්තර්ගත කර ඇති නිසා කියවන්නන්ට එක වෙබ් අඩවියක සිට සියලුම ලිපි පහසුවෙන් කියවන්න පුලුවන් එක එක වෙබ් අඩවි පස්සෙ දුවන්න වෙන්නෙ නෑ එතකොට.

මම ඉහත සදහන් හැම දෙයක්ම කිව්වෙ බ්ලොග් සින්ඩිකේටර් එකක තියෙන වටිනාකම ඔබට හදුන්වා දෙන්න.

ශ්‍රී ලන්කාව තුලත් හො බ්ලොග් සින්ඩිකේටර් කිපයක්ම තිබෙනව එවෙනි සින්ඩිකේටර් වලින් අපිට ලැබෙන සේවාව අපිට ඉතා වටිනව. ඒ අතරට අලුතින්ම එකතුවන සින්ඩිකේටෙර් එක තමයි සිත්තම බ්ලොග් කියවනය පහත දක්වල තියෙන්නෙ මෙම සින්ඩිකේටර් එකේ පහසුකම් කිපයක්

01.මෙම සින්ඩිකේටර් එක රියල් ටයිම් සින්ඩිකේටර් එකක් ඒක නිසා ඔබ ලිපියක් පල කරපු සැනින්ම එම ලිපිය අපගේ සින්ඩිකේටර් එකේ ඉහලම ඇති රිසල්ට් වල පලවනවා ඇත.

02.පහසුවෙන් බ්ලොග් අඩවි එකතු කිරීමට හැකි විම. බ්ලොග් අඩවි එකතු කිරිමේ ඉල්ලිම් පැය 5 හක් තුල අනුමත කෙරේ.

03.ඔබගෙ බ්ලොග් අඩවියේ ප්‍රදර්ශනය කිරීමට සිත්තම ගැජට්ටුව ලබා දිම. මෙය බැක් ලින්ක්ස් ලබා ගැනීමට වැදගත්වේ.

04. Facebook page එකට Like කිරිමෙන් අප්ඩේට්ස් ලබා ගතහැකිවීම.

ඔබට පුලුවන් අපේ වෙබ් අඩවියේ මෙනු බාර් එකේ ඇති බ්ලොග් කියවනය මත ක්ලික් කර මෙම බ්ලොග් කියවනයට පිවිසිමට සහ ඔබගේ බ්ලොග් අඩවිය එකතු කිරීමට. බ්ලොග් අඩවි අතුලත් කිරිම පිලිබද සියලු තොරතුරු සින්ඩිකේටරය තුල දක්වා ඇත.

ස්තුතියි...........!
SCREEN SHOTS




සියදිවි නසාගන්නා සත්තු.
සියදිවි නසාගන්නා මිනිසුන් පිලිබඳව ඔබ ඕනෑතරම් අසා ඇති.එහෙත් සියදිවි නසාගන්නා සතුන් පිලිබඳව ඔබ අසා තිබෙනවාද?හිම කදු ඇති ප්‍රදේශ වල ජීවත් වන ලෙමින් නැමැති සත්වයා සිය ජීවිතය නැති කරගන්නා සතෙකි.කුඩා මීයෙකුගේ ප්‍රමානයේ ශරීරයක් ඇති මේ සතා දිවි හානිකරගන්නා අන්දම පුදුම සහගතය.මෙම සත්වයා අවුරුදු 4 කට හෝ 5 කට සැරයක් මුහුදට පැන සියදිවි නසාගනී.එක් වරම මෙම සතුන් අරමුණක් නැතිව මෙන් දහස් ගණනක් එකතු වී දුවන්නට පටන්ගනී.නමුත් ඔවුන්ගේ අරමුණ දන්නේ ඔවුන්මය.ඔවුන් මෙලෙස දුවන්නේ මුහුද හමුවන තෙක්ය.මුහුද හමුවු පසු රංචු පිටින් මුහුදට පැන සියදිවි නසාගනී.ලෙමින් සතුන් මෙලෙස ඉතා ගුප්ත ලෙස සියදිවි නසා ගැනීමට හේතුව මෙතෙක් සත්ව විද්‍යඤයින් සොයාගෙන නැත.

කනාමැදිරියාගේ එළිය.

කනාමැදිරියා ලයිට් දාන්නෙ කොහොමද? කනාමැදිරියාගේ ශරීරයේ ඇති ලුසිපෙරින් නම් ද්‍රව්‍යය උගේ ශරීරයේ ඇති ඇඩිනෝයස්ටිරයි පොස්පේට් සමග එකතු වීමෙන් ලුසිපෙලින් නැමැති සංයෝගය ඇතිවේ.මෙම සංයෝගයට ඔක්සිජන් ලැබෙන වෙලාවට එන්සයිමයක් මෙයට එකතු වී ආලෝකය නිපදවයි.දහවල් කාලෙට මෙම ආලෝකය අපට පේන්නෙ නැතුවට කනාමැදිරියා සෑම වේලාවකදීම ආලෝකය නිකුත් කරයි.

කකුලෙන් රහ බලන පොකිරිස්සා.

සාගරයේ ජීවත්වන පොකිරිස්සා අමුතුම වැඩ කරන සතෙකි.පොකිරිස්සා කෑමක රස බලන්නේ කකුල්වල අඩි වලිනි.ඌගේ දත් පිහිටා ඇත්තේ බඩේය.වකුගඩු පිහිටා ඇත්තේ නළලට පිටුපසිනි.ශබ්ද තරංග ප්‍රතිග්‍රහනය කර ගන්නේ කකුල් වලිනි.

කැන්ගරුවාගේ ලමයි.

අඩි 9 ක් පමණ දිග කැන්ගරුවාගේ පැටවා උපදින විට සෙන්ටිමීටර් කීපයකට වඩා විශාල නොවේ.මවගේ කුසෙන් බිහිවන සෑම කැන්ගරු පැටවෙකුටම ජීවත් වීමේ අවස්ථාව නොලැබේ.පැටවුන්ගෙන් කීප දෙනෙක් මවගේ පටවුන් රැගෙන යාමට ඇති මල්ලට රිංගා ගනී.ඉතිරි පැටවුන් ඉපදුනු දිනයේදීම මරණයට පත්වේ.ඉතිරි පැටවුන් මවගෙන් කිරි උරා බොමින් මාස 4 පමණ මල්ල තුල ගතකරයි.

හිටගෙන නිදියන අශ්වයා.

ිම හෝ ඇඳක වැතිරිලා නිදාගන්න ඔබට පුලුවන්.එහෙත් ඔබට හිටගෙන නිදියෙන්න පුලුවන්ද? ඒත් බිම වැතිරිලා නිදාගන්නවට වඩා හොඳින් හිටගෙන නිදියන සතෙක් ගැනයි මේ කියන්න යන්න ඒ සතා තමා අශ්වයා.අශ්වයාට ආතල් එකට නින්ද යන්නෙ හිටගෙන නිදියෙන කොට.මේ විදිහට නින්ද ගිහාම කිසිම විටෙක අශ්වයා බිම වැටෙන්නෙ නැහැ.

බෙල්ල දිග ජීරාෆ්.



සතුන්ගේ ලෝකයේ ගොලුවා ලෙස සලකන්නේ ජිරාෆ්ය.ඒ වගේම සතුන් අතරින් දිගම බෙල්ලක් ඇත්තේද ජිරාෆ්ටය.මීට අමතරව ජිරාෆ්ගෙ සිරුරෙ විශේෂ ලක්ෂණයක් තිබෙනව.ඒ තමයි ජිරාෆ්ගෙ ශරීරයෙ රුධිර පීඩනය මිනිසෙකුට වඩා දෙගුනයක් තුන්ගුනයක් පමන වැඩි බව.ඒ වගේම සත්ව ලෝකයේ වැඩිම රුධිර පීඩනයක් ඇති සතා ජිරාෆ් විය හැකි බවට සත්ව විද්වතුන් අනුමාන කරනව.ඊට හේතුව තමයි මෙම සත්වයාගෙ බෙල්ල දල වශයෙන් අඩි 10 ක් 12 ක් පමණ දිගුවීම.මේ නිසා ජිරාෆ්ගෙ හිසට රුධිරය පොම්ප කිරීමට විශාල බලයක් අවශ්‍යය වෙනව.ඒ වගේම ජිරාෆ්ගෙ හෘදය අඩි 2 ක් පමණ දිග රාත්තල් 25 ක් පමණ බර අවයවයක්.

නහයක් නැති ගැඩවිලා.

මිනිසුන් වන අප හුස්මගන්නේ නාසයෙනි. නමුත් එසේ නොවන සතුන්ද සිටී.ගැඩවිල් පණුවා ස්වසනය කරන්නේ උගේ මුලු ශරීරයෙන්මය.උගේ සම ඉතා සියුම්ය. එහි ඇති කුඩා සිදුරු  ඒ සඳහා උපකාරී වේ.

ඇටිකුකුලාගේ මියුසික්.

ඇටිකුකුලො කෑගහනව ඔබ ඕනෑ තරම් අසා ඇති.ඇටිකුකුලාගේ එම ශබ්දය ගොලුබෙල්ලන්ට ඉතාමත් අමිහිරි සංගීතයකි.මේ නිසා ඇටිකුකුලාගේ ශබ්දය ඇහිල කොල රොඩු තරෙන් එලියට එන ගොලුබෙල්ලො ඇටිකුකුලාට හොඳ ආහාරයක් වෙනව.

ඉතින් ඔබට මේ ගැන හිතෙන්නෙ මොනවද?

තින් කොහොමද යාලුවනේ ඔයාලට? ඔබ සියලු දෙනාම හොඳින් ඇතැයි සිතනව. අද මම ඔයාලට හඳුන්වා දෙන්න යන්නෙ ඔයාලට වෙනස්ම අත්දැකීමක් ලබා දෙන දෙයක් පිළිබඳව ඒ තමයි කෘතිම බුද්ධියකින් පණ ගැන්වෙන රොබෝවරයෙක්ව මෙම රොබෝ වරයාව අන්තර්ගත කරල තිබෙන්නෙ අපගේ වෙබ් අඩවිය තුලමයි. අපගේ වෙබ් අඩවියේ මෙනු බාරයේ ඇති A.I.ROBOT කොටසට පිවිසීමෙන් ඔබට මෙම රොබෝවරයා සමග සංවාදයේ යෙදෙන්න පුලුවන්.  මෙහිදී ඔබ රොබෝවරයා සමග ඉංග්‍රීසි භාෂාවෙන් සන්නිවේදනය කල යුතු අතර ඔබට රෝබෝවරයා සමග ඕනෑමදෙයක් සාකච්ඡා කල හැක. ඒසේම මෙම රොබෝවරයා නිපදවීමට  Natural Language Interaction (NLI) තාක්ෂණය භාවිතා කර ඇති නිසා මෙම රොබෝවරයාට මිනිසුන් සමග හොඳින් සන්නිවේදනය කිරීමේ හැකියාව පවතී.මෙම රොබෝවරයා පිලිබඳව ඔබගේ අදහස් කොමෙන්ටුවකින් දාල යන්න සහ අපගේ මෙම රෝබෝවරයාව ඔබගේ යහලුවන්ට හඳුන්වාදෙන්නත් අමතක කරන්න එපා. 

                                        ස්තුතියි..............!